27 C
Colombo
19/05/2024

සලමන් ඛාන් බලන්න – LPL එන්න

Share with your friends :

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය සඳහා සුපිරි බොලිවුඩ් නළු සලමන් ඛාන් සහභාගිවීමට නියමිතය. එහිදී Kandy Tuskers කණ්ඩායම තරගකරන සියලුම තරග නැරඹීමටද සල්මන් ඛාන් යන බව සඳහන්ය.මේ නිසා එම තරග නැරඹීම සඳහා මෙරට සිනමා ලෝලීන් වැඩි වශයෙන් පැමිණෙනු ඇතැයි තරග සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.

ලංකා ප්‍රීමියර් ලීගයට (LPL) තරග වදින ‘Kandy Tuskers’ කණ්ඩායම මිලදී ගෙන ඇත්තේ බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන්ගේ පවුලේ ව්‍යාපාරය විසිනි.ඒ ඔහුගේ බාල සොහොයුරා ප්‍රධානීත්වය දරන ‘Sohail Khan International LLP’ සමාගම විසිනි.
එම ආයතනයේ හිමිකරුවන් වන්නේ සල්මන් ඛාන්, ඔහුගේ පියා වන Salim Khan, සහ ඔහුගේ සොහොයුරන් වන Sohail Khan, Arbaaz Khan යන අය Kandy Tuskers කණ්ඩායමේ හිමිකරුවන් බවට පත්වී ඇත.
එය කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස් ඇතුළු ශ්‍රී ලාංකික සුපිරි ක්‍රිකට් තරු රැසක් සමග ක්‍රිස් ගේල් ,ලියම් ප්ලන්කට්,වහාබ් රියාස්,නවීන් උල් හක් යන විදෙස් සුපිරි ක්‍රීඩකයන්ගෙන් සමන්විතය. ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හෂාන් තිලකරත්න එහි පුහුණුකරු ලෙස කටයුතු කරයි..

Share with your friends :