27 C
Colombo
06/05/2024

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි මුද්‍රණයේදී වසරකට ලක්ෂ 1000 ක පාඩුවක්

Share with your friends :

සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලොතරැයි මුද්‍රණයේදී වැඩි මිල ගණන් ඉදිරිපත් කල සමාගම් වලට ලොතරැයි මුද්‍රණය ලබාදීම නිසා වසරකට රුපියල් ලක්ෂ දහසක මුදලක් රජයට අහිමි වන බව හෙළිවී තිබේ.
මෙහිදී ලොතරැයියක් මුද්‍රණය සඳහා ශත 43 ක මුදලක් ඉදිරිපත් කර ඇති සමාගම් නොසලකා හැර ශත 52 ක් හා ශත 53 ක් ඉදිරිපත් කර ඇති සමාගම් සඳහා අදාළ මුද්‍රණ කටයුතු ලබා දීමෙන් මෙම පාඩුව සිදුවී තිබේ.
අදාළ කටයුත්තට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ඉහලම නිලධාරියකුගේ සහය ලැබී ඇති අතර ඊට එහි අනෙකුත් නිලධාරීන් විරෝධය පල කර ඇතත් අදාල් ඉහල නිලධාරියා ස්වකීය අභිමතය පරිදි කටයතු කර තිබේ.මෙහිදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වසර ගනනාවක් තිස්සේ ලොතරැයි මුද්‍රණ කටයුතු සිදු කල සමාගම් පවා අඩු මිල ගණන් ඉදිරිපත් කර තිබියදීත් එම සමාගම් නොසලකා හැර තිබේ.
රජයේ ප්‍රසම්පාදන නීති රීති අනුව අදාල මුද්‍රණ කටයුතු සඳහා සියයට 51 ක් ශ්‍රීලංකාවට අයිතිය ඇති සමාගම් සුදුසුකම් ලබයි.

Share with your friends :