27 C
Colombo
19/05/2024

අනුෂ්කා ශර්මාගේ දරු ප්‍රසුතිය නිසා කෝලිට ටෙස්ට් තරග තුනක් මග හැරෙයි

Share with your friends :

මෙවර ඕස්ට්‍රේලියානු සංචාරයේදී ඉන්දියානු නායක විරාත් කෝලි ටෙස්ට් තරග 4 න් 3 ක්ම ක්‍රීඩා නොකරන බව ප්‍රකාශ කර තිබේ. ඒ ඔහුගේ බිරිඳ නිළි අනුෂ්කා ෂර්මා ජනවාරි මාසයේදී දරු ප්‍රසූතියක් සිදු කරන්නට සුදානම්ව සිටින බැවිනි. 32 හැවිරිදි කෝලි ටෙස්ට් තරගාවලියට පෙර විස්සයි විස්ස හා එක්දින තරග තුනකට කෝලි ක්‍රීඩා කරනු ඇත. ඔහු දෙසැම්බර් 17 වනදා ආරම්භ වන පළමු ටෙස්ට් තරගයෙන් පසු නැවත ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
මෙල්බර්න් හි දෙවන ටෙස්ට් තරගය දෙසැම්බර් 26 වනදා ආරම්භ වන අතර තෙවැනි අවස්ථාව සිඩ්නි නුවර ජනවාරි 7 සිට බ්‍රිස්බේන් හිදී අවසන් ටෙස්ට් තරඟයට පෙර ජනවාරි 15 වනදා ආරම්භ වේ.
කෝලි වෙනුවට රෝහිත් ශර්මා ඉන්දියානු කණ්ඩායමට එක්වනු ඇත. මෙම තරග තුන සඳහා නායකත්වය දරන්නේ ඉන්දීය උප නායක අජින්කයා රහෙනේ ය.

Share with your friends :