2021 වසර සඳහා වන අයවැය ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. ඉන්පසුව එය දින 19 ක් විවාදයට ගැනීමට නියමිතය.
ඒ අනුව ලබන 18 සිට 21 වනදා දක්වා අයවැය දෙවන වර කියවීfම් විවාදය සිදුවන අතර දෙවන වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම 21 වන දා පස්වරු 5ට සිදු කෙරේ.ඉන් පසු නොවැම්බර් 23 වනදා සිට කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදය පැවැත්වෙන අතර එය අවසන් වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 10 වනදා ය.
අයවැය විවාදයේදී පාර්ලිමේන්තුව දිනපතා පෙරවරු 9.30ට රැස්වීම් ආරම්භ කර සවස 5.30 දක්වා පැවැත්වේ. නොවැම්බර් 18 වන දා සිට 20 දක්වා පෙරවරු 9.30 සිට 10.30 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න විමසීම පවැත්වෙන අතර නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 වනදා දක්වා පෙරවරු 9.30 සිට 10.00 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න විමසීමේ අවස්ථාව ක්‍රියාත්මක වේ.
