27 C
Colombo
06/03/2026

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ දැඩි උණුසුම් කාලගුණයක්

Share with your friends :

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ දැඩි උණුසුම් කාලගුණයක් ඇතිවී තිබේ.
එය මෙතෙක් ඉතිහාසයේ නොවැම්බර් මාසයක වාර්තාවූ ඉහලම උෂ්ණත්වය වේ. එහි දිවා කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ක් වන අතර රාත්‍රී කාලයේ 24.4 කි. මේ වන විට නිව් සවුත් වේල්ස් හි ලැව් ගිනි ඇතිවී තිබේ.
ස්මිත්විල් ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් 46.5 දක්වා ඉහල නැග තිබේ.
උණුසුම් තත්වය හේතුවෙන් ජනතාව මුහුදු වෙරළට ගොස් ස්නානය කිරීමද දක්නට ලැබේ.
මේ ඇතැම් ප්‍රදේශ වල මීට පෙර වාර්තාවූ වැඩිම උණුසුම 1967 දී වාර්තාවී ඇති අතර එය 24.8 කි.

Share with your friends :