27 C
Colombo
06/03/2026

ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥයා ඝාතනය මෙහෙයවා ඇත්තේ සැටලයිට් චන්ද්‍රිකාවකින්

Share with your friends :

පසුගිය නොවැම්බර් 27 වෙනිදා ඉරානයේ ටෙහෙරාන් නගරයේදී ඝාතනයට ලක්වූ ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥ මොෂින් ෆක්රිසේඩ් ඝාතනය කර තිබෙන්නේ සැටලයිට් චන්ද්‍රිකාවක් මගින් ක්‍රියාත්මක කරවූ මෙෂින් තුවක්කුවකින් බව හෙළිදරව් වී තිබේ.
මේ මගින් නිවැරදිව මොෂින් ෆක්රිසේඩ් සිටි ස්ථානය හඳුනාගෙන ඔහුගේ හිසට වෙඩි ප්‍රහාර 13 ක් එල්ල කර තිබේ. ඔහු අසලම ඔහුට අඟල් 10 ක් ඈතින් සිටි ඔහුගේ බිරිඳට කිසිදු තුවාලයක් මෙම වෙඩි ප්‍රහාරයෙන් සිදුවී නොමැත.
අදාළ තුවක්කුව අසල තිබු වාහනයක සවිකර තිබු බව හෙළිවී තිබේ. එම වාහනය තුල සිටි සිටි සිවු දෙනාම ඉරාන ආරක්ෂක අංශ විසින් ප්‍රහාර එල්ල කර ඝාතනය කර තිබේ.

Share with your friends :