27 C
Colombo
08/06/2026

කොරෝනා පාලනය සඳහා දිස්ත්‍රික්ක 25ටම හමුදා නිලධාරීන්

Share with your friends :

කොරෝනා වෛරසයේ පාලන කටයුතු ශක්තිමත් කරමින් දිවයින පුරා සියලුම පරිපාලන දිස්ත්‍රික් ආවරණය වන පරිදි යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 25 දෙනෙකු දිස්ත්‍රික් සම්බන්ධිකාරක නිලධාරීන් ලෙස පත් කර තිබේ.
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය මත ජනාධිපති ලේකම් කාර්යාලය විසින් 2021 ජනවාරි මස 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත් කිරීම් සිදුකර ඇත.
ඒ අනුව, නව පත්වීම් ලද සම්බන්ධිකාරක නිලධාරීන් කොවිඩ්-19 වසංගත රෝගී තත්ත්වයන් හේතුවෙන් සාමන්‍ය කටයුතුවලට ඇතිවන බලපෑම අවම කිරීම සඳහා කොවිඩ්-19 වෛරස තත්ත්වයන් හා සෘජුවම සම්බන්ධවන රෝග ව්‍යාප්තිය පාලනය, නිරෝධායන කටයුතු කිරීම, ඒ සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීම, මෙන්ම වෙනත් හදිසි අවස්ථා හා අවශ්‍යතා කළමණාකාරනය පිණිස ජනාධිපති කාර්යාලය, ආර්ථික පුනර්ජිවනය හා දිලිදුකම තුරන් කිරීමේ ජනාධිපති කාර්යසාධක බලකාය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය ආදී ආයතනයන්හි සම්බන්ධිකරණ කටයුතු සිදුකිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් වගකීම් පවරා ඇත.

උතුරු පළාත

මේජර් ජෙනරල් ඩබ්ලිව් ජි එච් ඒ එස් බණ්ඩාර – යාපනය
මේජර් ජෙනරල් කේ එන් එස් කොටුවේගොඩ – කිලිනොච්චිය
මේජර් ජෙනරල් ආර් එම් පී ජි රත්නායක – මුලතිව්
මේජර් ජෙනරල් ඩබ්ලිව් එල් පී ඩබ්ලිව් පෙරේරා – වවුනියාව
මේජර් ජෙනරල් ඒ ඒ අයි ජේ බණ්ඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යුඑස්පී එන්ඩියු – මන්නාරම

උතුරු මැද පළාත

මේජර් ජෙනරල් ජේ සී ගමගේ එන්ඩිසි පිඑස්සි – පොළොන්නරුව
මේජර් ජෙනරල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු – අනුරාධපුර

වයඹ පළාත

මේජර් ජෙනරල් ඒ පී අයි ප්‍රනාන්දු – පුත්තලම
බ්‍රිගේඩියර් පී එම් ආර් එච් එස් කේ හේරත් – කුරුණෑගල

බස්නාහිර පළාත

මේජර් ජෙනරල් කේ ඩබ්ලිව් ආර් ද ආබෲ – කොළඹ
මේජර් ජෙනරල් එන් ආර් ලමාහේවා – ගම්පහ
බ්‍රිගේඩියර් කේ එන් ඩි කරුණාපාල – කළුතර

මධ්‍යම පළාත

මේජර් ජෙනරල් එච් පී එන් කේ ජයපතිරණ – නුවරඑළිය
මේජර් ජෙනරල් එස් එම් එස් පි බි සමරකෝන් – මහනුවර
මේජර් ජෙනරල් එස් යු එම් එන් මානගේ – මාතලේ

සබරගමුව පළාත

බ්‍රිගේඩියර් ජේ එම් ආර් එන් කේ ජයමාන්න – රත්නපුර
බ්‍රිගේඩියර් එල් ඒ ජේ එල් බී උදෝවිය – කෑගල්ල

නැගෙනහිර පළාත

මේජර් ජෙනරල් සී ඩි වීරසුරිය – ත්‍රිකුණාමලය
මේජර් ජෙනරල් ටි ඩි වීරකෝන් – අම්පාර
මේජර් ජෙනරල් සී ඩි රණසිංහ – මඩකලපුව

ඌව පළාත

බ්‍රිගේඩියර් ඊ ඒ පී එදිරිවිර – බදුල්ල
කර්නල් ඩි යු එන් සේරසිංහ – මොණරාගල

දණුණු පළාත

මේජර් ජෙනරල් ඩි එම් එච් ඩි බණ්ඩාර – හම්බන්තොට
මේජර් ජෙනරල් ඩබ්ලිව් ඒ එස් එස් වනසිංහ – ගාල්ල
කර්නල් කේ ඒ යු කොඩිතුවක්කු – මාතර

Share with your friends :