27 C
Colombo
08/06/2026

කොරෝනා මෘත දේහයන් භූමදානයට දෙවන කමිටුවෙන් නිර්දේශ ?

Share with your friends :

කොරෝනා ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ මෘත දේහයන් ආදාහනය හෝ භූමදානය යන දෙකටම අවසර ලබාදිය හැකි යයි ඒ ගැන සොයා බැලීමට කිරීමට රජය විසින් පත්කරන ලද දෙවන කමිටුව නිර්දේශ කර තිබේ.
අදාල වාර්තාව සෞඛ්‍ය ඇමතිනියට බාර දුන්නද ඇය එය බාර නොගෙන කමිටු දෙක එකට මුණගස්වා අවසන් තීරණයක් ගන්නා ලෙස දැනුම් දී ඇත.
කෙසේ නමුත් කොරෝනා මෘත දේහ ආදාහන පමණක් සිදු කරන්නැයි නිර්දේශ දුන් පෙර කමිටුව තව දුරටත් එම ස්ථාවරයේ සිටීම හේතුවෙන් අවසන් එකගතාවයකින් තොරව එම සාකච්චා අවසන් වී තිබේ. මේ අතර අදාළ ප්‍රශ්නය සම්බන්ධයෙන් සමාජයේ දැවැන්ත බෙදීමක් හට ගෙන ඇති අතර මේ වන විට පාගමන් හා විරෝධතා ව්‍යාපාර දෙපාර්ශවය විසින්ම පවත්වා ගෙන යාමද දක්නට ලැබේ.

Share with your friends :