27 C
Colombo
06/03/2026

ඇමති දයාසිරිට කොරෝනා – හික්කඩුවේ හෝටලයක නිරෝධායනයට

Share with your friends :

බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
ඔහුට සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ වලින් මේ බව හෙළිවී ඇත.
අමාත්‍යවරයා හික්කඩුවේ හෝටලයක නිරෝධායනය වෙමින් ඇති අතර ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනට ලක් කර ඇත.
රාජ්‍ය අමාත්‍යවරයා මීට දෙසතියකට පමණ පෙර කුරුණෑගල හෙට්ටිපොල පිහිටි සිය කාර්යාලයේදී හමුවූ පිරිසක් අතර සිටි තිදෙනකුට කොවිඩ් ආසාදනය වීම නිසා ඔහු ද පී.සී.ආර් පරීක්ෂණයක් කරගෙන ඇත.එහිදී ජයසේකර මහතා ආසාදිතයෙකු බව හඳුනාගෙන තිබේ.

Share with your friends :