27 C
Colombo
07/03/2026

ඉන්දුනීසියාවේ සෙමේරු ගිනි කන්ද සක්‍රියවී මීටර් 5600 ක් උසට ධූලි වලාවන්

Share with your friends :

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ සෙමේරු ගිනි කන්ද යලිත් සක්‍රිය වී තිබේ. ජාවා දූපතේ උසම ගිනි කන්ද මෙයයි. එයින් පිටවන අළු සහ ධූලි වලාවන් කිලෝමීටර් 5.6 ක් තරම් ඉහල අහසට නැගෙමින් තිබේ.
මේ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ජනතාවට දැනුම් දී තිබේ. කෙසේ වෙතත් එම ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස ජනතාවට තවමත් දැනුම්දී නොමැත.
මෙම දුපත සංචාරක පාරාදීසියකි.මෙම ගිනි කන්ද මීට පෙර දෙසැම්බර් මාසයේ සක්‍රිය වූ අතර ඒ අවස්ථාවේ එම ප්‍රදේශයේ ජනතාව 550 දෙනෙකු ඉවත් කරන ලදී.

Share with your friends :