27 C
Colombo
07/03/2026

ඇමරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවා යයි

Share with your friends :

ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවා ගොස් තිබේ. මේ වන විට ඇමරිකාවේ දිනකට හාරදහසක් පමණ කොරෝනා රෝගයෙන් මිය යන අතර මේ වන තෙක් 404,837 ක් කොරෝනා රෝගයෙන් මියගොස් ඇත. එසේම එරට ආසාදිතයන් සංඛ්‍යාව 24,272,489 කි.
මේ වන විට වැඩිම කොරෝනා මරණ සිදුව ඇති සෙසු රටවල් වන්නේ බ්‍රසීලය , ඉන්දියාව ,මෙක්සිකෝව , එක්සත් රාජධානිය ,ඉතාලිය හා ප්‍රංශයයි.

Share with your friends :