27 C
Colombo
07/03/2026

අත්අඩංගුවට ගත් රුසියානු විපක්ෂ නායක නිදහස් කරන්නැයි දැඩි බලපෑම්

Share with your friends :

රුසියානු රජය විසින් විෂ ශරීර ගත කල බවට චෝදනා එල්ලවූ රුසියානු විපක්ෂ නායක ඇලෙක්සෙයි නවලිනි ජර්මනියේ සිට රුසියාව බලා පැමිණි පසු මොස්කව් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඇලෙක්සෙයි නවලිනි හට විෂ ශරීර ගතවූ පසු ප්‍රතිකාර සඳහා ජර්මනියට රැගෙන ගිය අතර එහිදී මාස පහක් තිස්සේ ප්‍රතිකාර ලබා සුවය ලැබීමෙන් පසු ආපසු රුසියාව බලා පැමිණීමේදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
44 හැවිරිදි නවලිනි රුසියානු ජනාධිපති පුටීන්ගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන අතර පුටීන් සම්බන්ධයෙන් ඔහු දරුණු විවේචකයෙකි.
මේ අතර නවලින් අත්අඩංගුවට ගැනීම ලොව පුරා දැඩි විවේචනයට ලක්ව තිබේ. වහාම නවලිනි නිදහස් කරන ලෙස ඇමරිකානු රජය ලේකම් මයික් පොම්පියෝ ඉල්ලා තිබේ. එසේම යුරෝපා සංගමයද වහාම නවලිනි නිදහස් කරන ලෙස රුසියාවට බල කර තිබේ.

Share with your friends :