27 C
Colombo
08/06/2026

60ට වැඩි පුද්ගලයින්ටත් කොවිඩ් මර්දන එන්නතෙන් සාර්ථක ප්‍රතිඵල – ඊශ්‍රායලය පවසයි

Share with your friends :

ඊශ්‍රායලයේ එන්නත් කිරීමේ වැඩසටහන මඟින් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හා රෝගාබාධ ඇතිවීම අවම මට්ටමකට පැමිණ ඇති බවට ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශයේ සංඛ්‍යා ලේඛන වලට අනුව සම්පූර්ණ එන්නත්කරණය සිදු කර ඇති 750,000කගෙන් 531දෙනෙකුට පමණක් වයිරසය ආසාදනය වී තිබෙනවා. එනම් 0.07%ක ප්‍රතිශතයක්. මේ වන විට රෝහල් ගත කරන පිරිසේ අඩු බවක් දක්නට ඇති බවත් එරට සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. මීට පෙර ඊශ්‍රායලයේ එන්නත් ලබා දුන් පසු වයස්ගත පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ ඔවුන්ට එන්නත ලබා දීමට පෙර වයිරසය අසාදනය වී තිබූ බවත් ඒ හේතුවෙන් ඔවුන් තුල ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය නිසි ආකාරව සිදු නොවූ බවයි.

Share with your friends :