27 C
Colombo
19/05/2024

ආණ්ඩුව අපහසුතාවයට පත් කරන ආණ්ඩුවේම කල්ලි ගැන පසුපෙලින් චෝදනා

Share with your friends :

රජය තුල සිටිමින් රජයේ සංවර්ධන වැඩපිළිවෙලට බාධාකරන කණඩායම් හා රජය අපහසුතාවන්ට පත්වන ආකාරයෙන් කටයුතු කරන කණ්ඩායම් සම්බන්ධයෙන් වහාම දැඩි පියවරක් ගන්නා ලෙස ශ්‍රීලංකා පොදු ජන පෙරමුණේ පසු පෙළ මන්ත්‍රීවරු එම පක්ෂයේ නායකයන් ගෙන් ඉල්ලීම් කර තිබේ.
මේ පිරිස් අතර කැබිනට් ඇමතිවරු , රාජ්‍ය ඇමතිවරු,මන්ත්‍රීවරු, දේශපාලනඥයින් , අමාත්‍යංශ ලේකම්වරු, ආයතන ප්‍රධානීන් හා ඇතැම් සංස්ථා සභාපතිවරුන් සිටින බවට තොරතුරු ලැබී තිබේ. මේ ඇය අතරින් ඇතැමුන් ප්‍රසිද්ධියේ විපක්ෂය විවේචනය කරමින් විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයින් සමග රහසිගතව සම්බන්ධතා පවත්වන බවටද රජයට තොරතුරු ලැබී තිබේ. විශේෂයෙන්ම මේ පිරිස විසින් විවිධ පාර්ශව සමග ඇති කරගන්නා ගැටුම් රජයට ඉතාම අහිතකර බවද ජාත්‍යන්තර ප්‍රතිරූපයට ඉතාම අහිතකර බවද රජයේ පසුපෙළ මන්ත්‍රීවරු පෙන්වා දී තිබේ. එසේම ජාත්‍යන්තරය හමුවේ ශ්‍රීලංකාව සම්බන්ධයෙන් වැරදි ප්‍රතිරූපයක් ඇතිකර ඒ හරහා කිසියම් කුමන්ත්‍රණයක් සිදුවන්නේද යන්න සම්බන්ධයෙන් මොවුන් සැක පල කර තිබේ. එසේම මෙම පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම පෙන්වා දී ඇත්තේ රජය අපහසුතාවයට පත්වන අන්දමට කල්ලි පිහිටුවා ගෙන ඇති අදාළ කණ්ඩායම් වත්මන් රජයේ ජනප්‍රියත්වයෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන්නට අවස්ථාව උදාකර ගෙන ඇති බවත් එසේ නොවන්නට මේ පිරිසට තනිවම පාර්ලිමේන්තුවට පැමිණෙන්නට අවස්ථාවක් නොමැති බවත්ය.

Share with your friends :