27 C
Colombo
06/03/2026

නව කොරෝනා ප්‍රභේදය පැතිරයාම ගැන තීරණ ගන්න කාර්ය සාධක බලකා රැස්වීම හෙට

Share with your friends :

නව කොරෝනා ප්‍රභේද හඳුනා ගැනීම සහ ආසාදිතයන් දිනෙන් දින ඉහළ යාම හේතුවෙන රට පූර්ණ වශයෙන් අගුළු දැමීමක් සිදු කරන්නේද යන්න සාකච්ඡා කිරීම සඳහා කොරෝනා මර්ධන ජාතික කාර්ය සාධක බලකාය හෙට රැස්වේ.නමුත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් තීරණය කර නොමැත. නව කොරෝනා ප්‍රභේදය හමුවූ රටවල් ඒ සම්බන්ධයෙන් දැඩි තීරණ ගනිමින් රටවල් ලොක් ඩවුන් කර ඇත්තේ එය ඉතාම භයානක පැතිරයාමක් සිදු කරන බැවිනි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ද සඳහන් කරන්නේ පවතින තත්ත්වය පිළිබඳව වසංගත රෝග විද්‍යා අංශය විසින් අධ්‍යනය කරමින් සිටින බවය.
පසුව ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරනු ඇති බවද ඔහු සඳහන් කර තිබේ.

Share with your friends :