27 C
Colombo
19/05/2024

සෞඛ්‍ය අමාත්‍යාංශ චක්‍රලේඛ නිසා කොවිඩ් එන්නත් නාස්තියක් – රවී කුමුදේශ්

Share with your friends :

ලොව තුල කොවිඩ් එන්නත් හිඟයක් පවතින මේ අවස්ථාවේ එන්නත් කුප්පි වල ඉතිරිවන ප්‍රමාණය ඉවත දැමීම අපරාධයක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ චක්‍රලේඛ නිසා මෙම නාස්තිය සිදු වන බවත් සිදුවන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.
රවී කුමුදේශ් මහතා පවසන අන්දමට
“මේ වන විට කොවිෂීල්ඩ් එන්නත, 180,000ක පමණ සංඛ්‍යාවකට ලබා දී අවසන්‍ , සෞඛ්‍ය අමාත්‍යාංශ චක්‍රලේඛ ප්‍රකාරව එම එන්නත් කුප්පියක්, භාවිත කළ හැකි වන්නේ දස දෙනෙකුට පමණයි, දස වැන්නාගෙන් පසුව ඉතිරි වන ප්‍රමාණය ඉවත දැමිය යුතුයි, එක් පුද්ගලයෙකු සදහා 0.5ml ප්‍රමාණයක එන්නත් ලබා දිය යුතු අතර දස දෙනෙකු සදහා එය 5ml පමණ වෙනවා , නමුත් එන්නත් කුප්පියක ඊට වැඩි ප්‍රමාණයක් එන්නත් අඩංගුයි, ඉතා කාර්යක්ෂම කටයුතු කරනවා නම් තවත් එක් අයෙකු (එකොලොස් වැනියා) සදහා එම ප්‍රමාණය සලකා බැලීමට හැකියාව තිබෙනවා , නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ චක්‍රලේකයට පිටින් කටයුතු කිරීමට නොහැකි බැවින් එසේ වුවද, එම ප්‍රමාණය ඉවත දැමීමට සිදුවෙනවා ,
එම තොරතුරු නිවැරදිනම්, මෙරට මේ වනවිට නාස්තියට ලක්ව ඇති එන්නත් ප්‍රමාණය 40, 000කට ආසන්නයි, නාස්තියේ අනුපාතය ලබාදෙන එන්නත් ප්‍රමාණයෙන් 5:1 ක්, මුලු ලෝකයටම එන්නත් හිගයක් පවතින මොහොතක, එසේ වුවහොත් එය ජාතික අපරාධයක් වගේම ලෝක අපරාධයක්,
එසේම ගණනය කිරීම් වලට හසු නොවන පරිදි එන්නත් ප්‍රමාණයක් පැවතීම දූෂිත තත්වයක් ඇතිවීමටද පාර කපනවා, සෞඛ්‍ය අමාත්‍යාංශය අදාල තත්වයන් සොයා බලා, බිම් මට්ටමේ සෞඛ්‍ය කාර්‍ය මණඩලය බලාතමක වන පරිදි අදාල චක්‍රලේඛය සහ ගණන් තබා ගන්නා ක්‍රමය වහා සංශෝධනය කරන්න ඕනෑ ,
මේ වනවිටත් එන්නත් ලබාදීම සඳහා පූර්ව නිර්දේශයක් නොමැති විදුහල්පතිවරුන්, ඇමතිවරුන් හා සෞඛ්‍ය කාර්‍යමණ්ඩල හිතවතුන් කිහිප දෙනෙකු එන්නත් ලබාගෙන ඇති බව අපට දැනගන්නට තිබෙනවා , එන්නත අල්ලස සදහා පාර කැපීම වැලැක්වීම සදහාද සෞඛ්‍ය අමාත්‍යංශ නීතී ප්‍රායෝගික විය යුතුයි “

Share with your friends :