27 C
Colombo
07/03/2026

අද ශ්‍රීලංකාවට පැමිණෙන ඉම්රාන් ඛාන්ගේ ගුවන් යානයට ඉන්දීය ගුවන් සීමාව භාවිතයට අවසර

Share with your friends :

ශ්‍රීලංකාවට පැමිණෙන පකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ගමන් ගන්නා ගුවන් යානයට ඉන්දීය ගුවන් සීමාව භාවිත කිරීමට ඉන්දියාව අවසර ලබා දී තිබේ.
පකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දෙදින නිල සංචාරයක් සඳහා අද (23) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය.
පකිස්ථානයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව ඉම්රාන් ඛාන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිතර වන පළමු අවස්ථාව මෙය වේ.
පකිස්ථානු විදේශ ඇමති ෂා මොහමඩ් කුරේෂි ඇතුළු ඇමතිවරු කීපදෙනෙකු හා ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් රැසක් මේ සංචාරයට එක්ව සිටිති.

Share with your friends :