27 C
Colombo
06/03/2026

පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ශ්‍රීලංකාවට

Share with your friends :

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඇතුළු දූත පිරිස පාකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් අද සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්තානු අග්‍රාමාත්‍යවරයාව එහිදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමග පැමිණ සිටින දූත පිරිස 40 දෙනෙකි. පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා වෙත හමුදා උත්තමාචාර පැවැත්වීමද ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී සිදු කෙරුණි.

Share with your friends :