27 C
Colombo
19/05/2024

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ් නව තනි එන්නත අනුමතවේ-ශීතකරණයේ තැබීම ප්‍රමාණවත්

Share with your friends :

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම නිපදවූ නව කොවිඩ් එන්නත වඩා ආරක්ෂාකාරී හා වඩාත් ක්‍රියාකාරීත්වයෙන් ඉහල බව ඇමරිකානු සෞඛ්‍ය බලධාරීන් පවසා තිබේ.එය ඇමරිකානු ආහාර හා ඖෂධ අධිකාරිය මගින් සනාථ කර තිබේ. මෙහි විශේෂත්වය වන්නේ එහි එක් මාත්‍රාවක් පමණක් ලබාදීම ප්‍රමාණවත්වීමය. මෙතෙක් කොවිඩ් සඳහා ලබා දුන් එන්නත් සඳහා මාත්‍රා දෙකක් එනම් එන්නත් දෙකක් ලබා දිය යුතු විය.
මෙය කොවිඩ් සඳහා ඇමරිකානු බලධාරීන් අනුමත කරන තුන් වන එන්නතයි. එසේම මේ එන්නත සඳහා වැය වන වියදම අඩුවීමද විශේෂත්වයකි. එසේම එය සාමාන්‍ය ශීතකරණ තත්වයේ තැබිය හැකි අතර අධි ශීතකරණයක තැබීම අවශ්‍ය නොවේ.
මේ අතර දකුණු අප්‍රිකානු කොරෝනා වයිරස ප්‍රභේදයට ක්‍රියාත්මක වන ලෙස තම එන්නත වැඩි දියුණු කල බව මොඩර්නා එන්නත් සමාගම නිවේදනය කර තිබේ.

Share with your friends :