27 C
Colombo
19/05/2024

මාවනැල්ල රෝහලේ හෙදි ප්‍රියන්ති කුමාරි මියයයි-ශ්‍රීලංකාවේ ප්‍රථම කොවිඩ් හෙද මරණය

Share with your friends :

මාවනැල්ල මූලික රෝහලේ සේවයේ නියුතුව සිටි හෙද නිලධාරීනියක් වන ප්‍රියන්ති රම්‍යා කුමාරි විතානගේ මහත්මිය කොවිඩ් වයිරසය ආසාදනය වීමෙන් මිය ගොස් තිබේ. ශ්‍රීලංකාවේදී කොවිඩ් රෝගයෙන් මිය ගිය පළමු හෙද නිලධාරිනිය ඇයයි. කෑගලු බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු ඇය පසුව මහනුවර හෙද විදුහලේ 1998 කණ්ඩායමේ අධ්‍යාපන හදාරා 2001 වර්ෂයේ මාවනැල්ල මූලික රෝහලේ දී හෙද සේවාවට එක්විය. ගර්භණී කාන්තාවන් වෙනුවෙන් කැපවී කටයුතු කල ඇය කාර්‍යයක්ෂම හෙද නිලධාරිනියක් විය.
ඇය පසුගිය 11 වනදා මොළයේ රුධිර නාලයක් පිපිරීමෙන් රෝගී වීමෙන් අනතුරුව මහනුවර රෝහලට ඇතුළත් කරනු ලැබීය. එහිදී ඇයට ඇන්ටිජන් පරීක්ෂණයක් සිදුකල අතර එය නෙගටිව් බව පෙන්නුම් කරන ලදී. නමුත් 16 වනදා ඇයට මොළයේ සැත්කම කිරීමට පෙර PCR පරීක්ෂණය සිදුකළ අවස්ථාවේ ඒ තුළින් ඇය කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ. පසුව ඇය මිය ගොස් ඇති අතර මියයෑමට ප්‍රධාන හේතුව මොළයේ රුධිර වහනයක් සිදුවීම හා එයට සමගාමීව ඇයට කොවිඩ් ආසාදනය වී තිබීම බව හෙළිවී තිබේ.

Share with your friends :