27 C
Colombo
19/05/2024

කොවිඩ් එන්නත් ලබා දෙන පුද්ගලික රෝහල්වලට ඉන්දීය රජයෙන් මිල පාලනයක් පැනවේ

Share with your friends :

ඉන්දියාවේ කොවිඩ් එන්නත ලබාදීම සඳහා පුද්ගලික රෝහල් වල අයකළ හැකි උපරිම මිල ඉන්දීය රුපියල් 250 ක් ( ශ්‍රීලංකා රුපියල් 625 ) ලෙස ඉන්දීය රජය මගින් මිල පාලනයක් පනවා තිබේ. එරට රජයේ රෝහල් වලින් ජනතාවට නොමිලේ කොවිඩ් එන්නත ලබා දෙනු ලබයි.
මේ අතර සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පසුගියදා රජයෙන් ඉල්ලා තිබුනේ කොවිඩ් එන්නත් මිලදී ගැනීම සඳහා පෞද්ගලික අංශය විසින් සිදු කරන වන බලපෑම රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවැරදිව කළමනාකරණය කළ යුතු බවය. අඩු ආදායම් ලාභීන්ට සහ මිලදී ගැනීමට හැකියාවක් නැති බව තමන් විසින් තීරණය කරනු ලබන මහජනතාව හැරුණු කොට, මිලදී ගැනීමේ හැකියාවක් පවතින සහ විශාල ආදායමකට හිමිකමක් තියෙන පුද්ගලයන් සඳහා එන්නත් මිලදී ගැනීමට හැකියාව ලබා දීමේ වරදක් නොවන්නේ එමගින් අඩු ආදායම් ලාභීන්ට වක්‍රාකාරයෙන් වාසි සැලසෙන බැවින් බව පෙන්වා දෙන රවී කුමුදේශ් මහතා ව්‍යාපාරිකයන්ට එන්නත් සඳහා හිතූ හිතූ මිල නියම කරමින්, අධික ලාභ ලැබීමට හෝ එන්නත් මාෆියාවක් රට තුල ඇති කිරීමට ඉඩ ලබා නොදිය යුතු බව රජයට පෙන්වා දී තිබුණි.
මේ සඳහා ඇති සුදුසුම ක්‍රියාමාර්ගය වනුයේ “G to G” හෙවත් රාජ්‍යයන් වශයෙන් කරණු ලබන මිලදී ගැනීමක් ලෙස එන්නත් ගෙන්වීමට, ඖෂධ පිළිබද රාජ්‍ය අමාත්‍යාංශය සිය වගකීම ඉටු කිරීම බවද ඒ අනූව පෞද්ගලික අංශයයේ අවශ්‍යතාවය සදහා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව යටතේ, නිශ්චිත මිල පාලනයකට යටත්ව එන්නත් ලබා දීය හැකි බවද පෙන්වා දෙන රවී කුමුදේශ් රාජ්‍ය අමාත්‍යාංශය හරහා මිලදී ගැනීම සහ බෙදාහැරීම සිදු කරන අතර වාරය තුළ, පෞද්ගලික අංශයට ද කිසියම් මිල පාලනයක් යටතේ එන්නත් ලබාදීම මගින් වැඩි ආදායම්ලාභීන්ගේ බර සැහැල්ලු කර ගනිමින් ඔවුනගෙන් උපයන මුදල අඩු ආදායම්ලාභීන්ට අදාල නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරීම සදහා යොදවා ගත හැකි බවද පෙන්වා දෙයි.

Share with your friends :