27 C
Colombo
06/03/2026

බ්‍රිතාන්‍ය රජ පවුල ජාතිවාදී නැහැ – විලියම් කුමරුගෙන් හැරීට හා මේගන්ට පිළිතුරු

Share with your friends :

බ්‍රිතාන්‍ය රජ පවුල ජාතිවාදී නොවන බව විලියම් කුමරු ප්‍රකාශ කර තිබේ. විලියම් කුමරු බ්‍රිතාන්‍ය කිරුල හිමි චාල්ස් කුමරුගේ හා අභාවප්‍රාප්ත ඩයනා කුමරියගේ වැඩිමහල් පුත්‍රයාය.
මෙය රජ පවුලට හැරී කුමරු හා බිරිඳ මේගන් විසින් එල්ල කල චෝදනා සම්බන්ධයෙන් රජ පවුලේ සාමාජිකයකු විසින් ප්‍රසිද්ධ මාධ්‍ය තුලින් දුන් පළමු පිළිතුරයි.
තම බාල සොයුරු හැරී හට මේ සම්බන්ධයෙන් තවමත් කතා නොකළ නමුත් තමා ඒ සම්බන්ධයෙන් ඔහු සමග කතා කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බවත් ඔහු මෙහිදී පැවසීය.
නැගෙනහිර ලන්ඩනයේ ස්ට්‍රෙට්ෆෝර්ඩ් හි පාසලක් වෙත යමින් සිටින අතරතුර මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් විලියම් කුමරු මේ බව ප්‍රකාශ කළේය.

Share with your friends :