27 C
Colombo
19/05/2024

සංගක්කාරගේ ඉඩම් කතාව පිටුපස ක්‍රීඩා ක්ෂේත්‍රයේ පිරිසක් – මීළඟ ගොදුර මහේලද ?

Share with your friends :

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර සම්බන්ධයෙන් මේ දිනවල පැතිරයන කතාබහ පිටුපස ඉදිරි ක්‍රිකට් නිලවරණය හා ජාතික ක්‍රීඩා කවුන්සිලය් කටයුතු වලට සම්බන්ධ යම් යම් පාර්ශව සිටින බවට මේ වන විට ක්‍රීඩා ක්ෂේත්‍රයේ කතා බහට ලක්ව තිබේ. මේ සම්බන්ධයෙන් තොරතුරු යම් යම් මාධ්‍ය හරහා ප්‍රචාරය කරන්නට මේ පිරිස කටයුතු කරමින් සිටින බව සඳහන්ය. ඔලිම්පික් කමිටුවේ ඇතැම් පිරිස් වල කටයුතුද මීට ගෑවී තිබේ.
මේ අතර ක්‍රිකට් නිලවරණයෙන් පසුව ඒ වෙනුවට අතුරු කමිටුවක් ඇතිකර එහි ප්‍රධානත්වය තමන් වෙත ලබා දෙන ලෙස ඉල්ලමින් මේ වන විට ඇතැමුන් ක්‍රීඩා ඇමතිවරයාගේ පස්සෙන්
යාමට පටන් ගෙන තිබේ. තැන ඇතැම් ක්‍රීඩා සහ ඔලිම්පික් සෑදු ආකාරයට ක්‍රිකට්ද දියුණු කර දෙන බව මේ අය ඇමතිවරයාට නිරන්තරයෙන් කියා සිටින බව සඳහන්ය.ලෝක ක්‍රිකට් පරිපාලන ක්ෂේත්‍රයේ සිටින එකම ශ්‍රීලාංකික ක්‍රීඩකයා වන සංගක්කාර සම්බන්ධයෙන් සිදු කෙරෙන මෙම මඩ ප්‍රචාර රටටම කැළලක් බව ක්‍රීඩා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ. සංගක්කාර සතු ව්‍යාපාර බොහොමයක් ඇතිබව සත්‍යයක් වුවද ඔහු දුෂිත පුද්ගලයකු බව ඔහුගේ සතුරන් පවා පවසන්නේ නැත.
ක්‍රීඩා ක්ෂේත්‍රයේ පිරිස් පවසන්නේ මේ මඩ ප්‍රචාර වල මීළඟ ගොදුර මහේල ජයවර්ධන වීමට බොහෝදුරට ඉඩ ඇති බවයි.

Share with your friends :