27 C
Colombo
06/03/2026

කළුබෝවිල 33 හැවිරිදි තරුණ ව්‍යාපාරිකයාගේ සිරුර කොහුවලදී මෝටර් රථය සමග පිළිස්සෙයි

Share with your friends :

කොහුවල, ආසිරි මාවතේ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් තුළ තිබී කළුබෝවිල, භාතිය මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
ඊයේ රාත්‍රී 11.30ට පමණ එම මළ සිරුර සොයාගෙන ඇති අතර අදාළ මෝටර් රථය සම්පූර්ණයෙන් පිළිස්සී ඇති බවත් මෝටර් රථය තුළ තිබූ පුද්ගලයාගේ සිරුර ද පිළිස්සී තිබු බවත් පොලිසිය පවසයි.
රාත්‍රී ආහාර ගැනීමට යම් ස්ථානයකට ගොස් ඉන් අනතුරුව එම මෝටර් රථයෙන් ගමන් කර ඇති බවටත් තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි.

Share with your friends :