27 C
Colombo
19/05/2024

ඇමැති හා රාජ්‍ය ඇමැති දසදෙනෙක් ඇමති නිලනිවසට අමතරව මන්ත්‍රී නිල නිවෙස් භාවිතයේ

Share with your friends :

ඇමති නිල නිවාස හිමි වී ඇති ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් දසදෙනකු ඔවුන් මන්ත්‍රීවරුන් ලෙස සිටි කාලයේදී ලබාගෙන තිබූ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස තවමත් භාවිත කරමින් සිටින බව හෙළිවී තිබේ.
අදාළ මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙසට පාර්ලිමේන්තු නිලධාරීන් දැනුම් දී ඇතත් ඔවුන් ඒ නිවාසවලින් ඉවත්වීම මඟහැර ඒවා තවදුරටත් භාවිත කරමින් සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.රජයේ නීතිය අනුව ඇමැතිවරයකුට, මන්ත්‍රීවරයකුට හෝ රජයේ ප්‍රධානියකුට හිමි වන්නේ එක නිල නිවාසයක් පමණි.
ඒ අනුව ඇමැති නිල නිවාස ලබාගත් මෙම පිරිසට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාවිත කල නොහැක.
ඇමැතිවරුන් හැටියට රජයේ නිල නිවාස ලබාගෙන මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් ද ඉවත් නොවී සිටින පිරිසේ ප්‍රබල කැබිනට් ඇමැතිවරුන් කිහිපදෙනකු ද සිටිති.මේ ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන්ට අයත් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස ඔවුන්ගේ ඥ‌ාතීන්ට, ලේකම්වරුන්ට හා ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන්ට ලබා දී ඇති අතර එම පිරිස් මේ දිනවල එම නිල නිවාසවල පදිංචිව සිටින බව පැවසේ.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අටදෙනකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිල නිවාස ඉල්ලා අයදුම්පත් යොමු කර ඇත.

Share with your friends :