27 C
Colombo
06/03/2026

BreadTalk අවන්හල් සමුහය වසා දමයි

Share with your friends :

කොරෝනා හේතුවෙන් වසා දමන ව්‍යාපාර සමුහයට අලුතෙන්ම එක්වී ඇත්තේ BreadTalk අවන්හල් සමුහයයි.මේ අනුව 2021 මාර්තු 20 දින සිට නැවත දැනුම් දෙනතුරු සියලුම BreadTalk අවන්හල් වසා දැමීමට තීරණය කර ඇති බව RIL ප්‍රොපටීස් පීඒල්සී හි ප්‍රධාන විධායක නිලධාරී සහ විධායක අධ්‍යක්ෂ එල්.කේ.ඒ.එච්. ප්‍රනාන්දු විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.
RIL ප්‍රොපටීස් පීඒල්සී හි පුර්ණ අනුබද්ධිත සමාගමක් වන FoodBuzz (පුද්) සමාගෙම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිය ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
පාස්කු ප්‍රහාරයෙන් පසු හා කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මුහුණ දීමට සිදුව ඇති අහිතකර වෙළෙඳපොළ වාතාවරණය හමුවේ ‍මෙම තීරණය ගැනීමට සිදුව ඇති බව RIL ප්‍රොපටීස් පීඒල්සී වැඩිදුරටත් සඳහන් කරයි.
මේ වන විට කොරෝනා වසංගත තත්වයෙන් ඇතිවූ හේතු නිසා මෙරට ව්‍යාපාර ගනනාවක් වසා දමා තිබේ.

Share with your friends :