27 C
Colombo
19/05/2024

මහරගම අපේක්ෂා රෝහලේ හෙදියන් දෙදෙනෙක් එහි විකිරණ ශිල්පීන් විසින් බංකරයක සිර කරලා

Share with your friends :

මහරගම අපේක්ෂා රෝහලේ ගැබ්ගෙල පිළිකා ප්‍රතිකාර විකිරණශීලී බංකරය තුල එනම් බ්‍රැකී තෙරපි අංශයේ විකිරණ ශිල්පීන් දෙදෙනෙකු විසින් තරුණ හෙදියන් දෙදෙනෙකු සිර කිරීමේ සිද්ධියක් යට ගැසීම සඳහා රෝහල් පරිපාලනය ගන්නා උත්සාහයට එහි හෙද කාර්ය මණ්ඩලය දැඩි විරෝධය පල කරති.
ඊයේ (17) සවස් කාලයේ ප්‍රතිකාර සේවා නිමවීමෙන් පසු පසුදා එනම් අදට නියමිත ප්‍රතිකාර කටයුතු සඳහා අදාළ අංශයේ කටයුතු සුදානම් කරමින් සිටි හෙදියන් දෙදෙනා අදාළ බංකරය තුල දමා පිටතින් අගුලු දමා විදුලියද විසන්ධිකර මෙම විකිරණ ශිල්පීන් දෙදෙනා පිටව ගොස් තිබේ.
ඉන්පසු මෙම හෙදියන් දෙදෙනා අදාළ බංකරයේ දොර විවෘත කර ගැනීම සඳහා දැඩි උත්සහයක් ගත්තද එය සාර්ථකවී නැත. බංකරය ඇතුලත ජංගම දුරකථන පවා වැඩ නොකරන අතර දැඩි කරුවලේ අධික විකිරණශීලී තත්වයනට නිරාවරණය වෙමින් අදාල හෙදියන් දෙදෙනා පැයක පමණ කාලයක් සිරවී සිට ඇත. පසුව කිසියම් ද්‍රව්‍ය වර්ගයක් රැගෙන එහි පැමිණි රෝහලේ සුළු සේවකයකු අදාළ බංකරය විවෘත කිරීමෙන් පසු මෙම හෙදියන් දෙදෙනාට එලියට පැමිණීමට හැකිවී තිබේ.
පසුව මෙම හෙදියන් දෙදෙනා සිද්ධිය පිළිබඳව අංශ ප්‍රධානියාට හා රෝහල් පරිපාලකයන්ට දැනුම්දී තිබේ. එහෙත් රෝහල් පරිපාලනය විසින් සිද්ධියේ බරපතලබව දැනගැනීම නිසා සිද්ධිය යට ගැසීම සඳහා දැඩි උත්සහයක් ගන්නා බවට හෙදියෝ චෝදනා කරති.
මෙසේ වැඩි පැය ගනනක් විකිරණශීලී ද්‍රව්‍යයන්ට නිරාවරනය වීම නිසා මෙම හෙදියන්ට පිළිකා අවදානමක්, ජාන විකෘතිවීමක් හෝ භයානක රෝගී තත්වයන් පවා ඇතිවිය හැකි බව පෙන්වා දෙන හෙද කාර්ය මණ්ඩලය එවැනි තත්ත්ව එක්වරම පෙන්නුම් නොකරන අතර එවැනි දේ ඇතැම් විට වසරක් දෙකක් හෝ වසර ගණනාවකින් පෙන්නුම් කෙරන බවද කියා සිටිති. එසේම මේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා නිසි පියවර ගන්නා ලෙසට මහරගම රෝහල් කාර්ය මණ්ඩලය සෞඛ්‍ය ඇමතිවරියගෙන් හා සෞඛ්‍ය ලේකම්වරයා ගෙන් ඉල්ලා සිටිති.

Share with your friends :