27 C
Colombo
19/05/2024

චීන සිනොෆාම් එන්නත භාවිතය අනතුරුදායක බව විශේෂඥ කමිටුවත් කියයි

Share with your friends :

කොවිඩ් 19 වෛරසයට එරෙහිව චීනය විසින් නිෂ්පාදනය කරන සිනොෆාම් එන්නත භාවිතය අනතුරුදායක බව එම එන්නත පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුව විසින්ද නිර්දේශ කර ඇත. පසුගිය මාර්තු 17 වැනිදා මෙම නිර්දේශ ඇතුළත් වාර්තාව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතා වෙත ලබා දී ඇති අතර කමිටුවේ මතය එන්නතෙහි ප්‍රතිශක්තීකරණය, ආරක්ෂාව සහ කාර්යක්ෂමතාවය තීරණය කිරීම සඳහා එන්නත නිෂ්පාදනය කරන සමාගම විසින් ලබාදී තිබෙන තොරතුරු ප්‍රමාණවත් නොවන බවය.
මෙම එන්නත නිෂ්පාදනය කරන චීනයේ බීජිං ඉන්ස්ටිටියුට් ඔෆ් බයොලොජිකල් ප්‍රඩක්ස් (Beijing Institute of Biological Products) ආයතනය වෙත සායනික දත්ත ලබා ගැනීම සඳහා ප්‍රශ්න 11 ක් යොමුකර ඇති අතර එම ප්‍රශ්න 11 න් ප්‍රශ්න 10 කටම අදාළ නිෂ්පාදන ආයතනය පිළිතුරු ලබාදී නොමැත.
කමිටුව විසින් සිය නිර්දේශ සහිතව ඉදිරිපත් කර ඇති වාර්තාවට අදාළ කමිටුව නියෝජනය කරන වෛද්‍ය රජිව් ද සිල්වා, මහාචාර්ය නිලීකා මලවිගේ, මහාචාර්ය අරුණාසලම් පත්මේස්වරන්, වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, වෛද්‍ය කාන්ති නානායක්කාර, මහාචාර්ය චන්න රණසිංහ සහ වෛද්‍ය හසිත තිසේරා යන මහත්ම මහත්මීන් අත්සන් තබා ඇත.
චීන එන්නත තවමත් තෙවැනි මට්ටම පර්යේෂණ සිදු කරන, එසේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය පවා හිමි නොවූ එන්නතක් බවට සෞඛ්‍ය වෘත්තීය සමති, වෛද්‍ය විශේෂඥයින් දිගින් දිගටම පෙන්වා දී තිබේ.

Share with your friends :