27 C
Colombo
24/04/2024

චීන “සයිනොෆාම්” එන්නත ගැන විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් අනතුරු හැඟවීම්

Share with your friends :

චීනයේ නිෂ්පාදන “සයිනොෆාම්” කොරෝනා එන්නත මෙරට භාවිතය සඳහා අනුමැතිය ලබාදී ඇත්තේ විද්‍යාත්මක පදනමකින් නොවන බවත් එය මෙරට ජනතාවට ලබා දුනහොත් ජනතාවගේ ජීවිත පිළිබඳ අවදානමක් පවතින බවත් ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
එහි සභාපති වෛද්‍ය ලලන්ත රණසිංහ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයකින් පෙන්වා දෙන්නේ චීන කොරෝනා එන්නත මේ රටට විශාල වශයෙන් තොග ඇණැවුම් කර තිබෙන බවයි.
මේ අතර චීනයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබෙන එම එන්නත් මාත්‍රා ලක්ෂ 6 ක් එරට ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන මහතාට බාර දී ඇත.
චීනය ප්‍රදානය කර ඇති සිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ හය රැගත් විශේෂ ගුවන් යානය දිවයිනට අද පැමිණීමට නියමිතව ඇත.

Share with your friends :