27 C
Colombo
08/06/2026

සමාජ මාධ්‍ය වලට නව නීති

Share with your friends :

සමාජ මාධ්‍ය යොදාගෙන යම් යම් පුද්ගලයන්ගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා කරන සහ චරිත ඝාතනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරිමට රජය තීරණය කර ඇත.
මෙහි පළමු පියවර ලෙස මෙවැනි ක්‍රියා දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් බවට ප්‍රකාශ කිරීමට අධිකරණ අමාත්‍යංශය කටයුතු කරගෙන යයි.
මේ සඳහා දණ්ඩ නීති සංග්‍රහයට අවශ්‍ය සංශෝධන ගෙන ඒමට කෙටුම්පත් සකස් කරගෙන යන බවත් එය පාර්ලිමේන්තුවට ළඟදීම ඉදිරිපත් කෙරෙන බව පැවසේ.
පුද්ගලයන්ට ද්වෙෂ සහගත ලෙස මඩ ගැසීම්වලට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට සමාජ සංවිධාන, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් රජයෙන් ඉල්ලිමක් කර ඇති බව රජය ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් මාධ්‍ය සංවිධාන මේ නීති මාධ්‍ය ආයතන හෝ වෙබ් අඩවි ඉලක්ක කර ගෙන ගෙන එන්නේදැයි දැඩි ලෙස විමසිල්ලෙන් පසුවෙති.

Share with your friends :