27 C
Colombo
19/05/2024

නවලෝක රෝහලට ඇදී ගිය කෝටිගණන් මුදල් රජයට ඉතිරි කර ගැනීමට නව වැඩපිළිවෙලක්

Share with your friends :

මෙරටට පැමිණෙන ගුවන් මගීන් සඳහා නවලෝක රෝහල මගින් අධික මුදලක් අයකර සිදුකල PCR පරීක්ෂණ ගුවන්තොටුපලේ පිහිටි රජයේ පරීක්ෂණාගාරය හරහා සිදු කිරීමට රජය කටයුතු කරගෙන යයි . මෙතෙක් නවලෝක රෝහල මගින් සිදුකල පරීක්ෂණ සඳහා එක පරීක්ෂණයකට ඩොලර් 40 බැගින් ඇය කරන ලදී. ඒ සඳහා රජයේ රෝහලකින් සිදු කලේ නම් වැය වන්නේ රුපියල් 1600 ක් පමණ බව පැවසේ. ඒ අනුව මෙතෙක් රජයට ලැබිය යුතු විශාල ආදායමක්ද අහිමි වී තිබේ. එම නිසා විශාල මුදලක් වැය කර හෝටල් වල සිටින්නටද මෙරටට පැමිණෙන පිරිස් වලට සිදු විය.
මේ අතර විදේශීය සිට පැමිණෙන සංචාරකයනට පැය තුනක් වැනි කෙටි කාලයක් තුළ PCR වාර්තාව ලබා ගැනීමට අවස්ථාව සැලසෙන පරිදි ගුවන්තොටුපළ පර්යේෂණාගාරය විධිමත් කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඉදිරි මැයි සහ ජුනි මාසවල දී ශ්‍රී ලංකාවේ ආරම්භ කෙරෙන සංචාරක කාල සීමාව තුළ ජර්මනිය, මහා බ්‍රිතාන්‍ය, චීනය ඇතුළු රටවලින් සංචාරකයින් රැසක් ලංකාවට පැමිණීමට නියමිත වීමත් , ඉන්දියාව සමග ඒකාබද්ධව සිදු කරන සංචාරක බුබුළු වැඩසටහන් ද ක්‍රියාත්මක වීමට නියමිත බැවින් මේ පියවර ගැනීමට කටයුතු කරන බව සංචාරක අමාත්‍යවරයා කියා සිටී.
එවැනි වාතාවරණයක් තුළ දී ගුවන් තොටුපළේදි රසායනාගාර පරීක්ෂණ සහ අනිකුත් සියලු පරීක්ෂණ සිදුකර ගනිමින් ඉතා කෙටි කාල සීමාවක් තුළ විදේශිකයින් සංචාර සඳහා පිටත් කර හැරීමට අවශ්‍ය ආකාරයට ඉදිරි සැලසුම් සකස් කර ගත යුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී.
මේ අතර විදෙස්ගත ශ්‍රීලාංකික සංවිධාන පවසන්නේ මේ දිනවල මෙරටට පැමිණෙන විදෙස් ගමන් බලපත්‍ර හිමි වැඩි පිරිසක් ශ්‍රීලංකාවේ උපත ලබා පසුව විදෙස්ගතව වෙනත් රටවල පුරවැසිභාවය ලැබූ පිරිස් බවය. එම පිරිස් හා විදේශිකයන් යන පාර්ශව දෙකම එකම නීතිරීති වලට යටත් කිරීම අසාධාරණ බව ඔවුහු පෙන්වා දෙති.

Share with your friends :