27 C
Colombo
06/03/2026

අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම්ලාභීන්ට හා සමෘද්ධිලාභීන්ට රු. 5000 ක දීමනාවක්

Share with your friends :

අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම්ලාභී සමෘද්ධිලාභීන් වෙත රු.5000 දීමනාව අප්‍රේල් 12 සහ 13 යන දිනවලදී සමෘද්ධි බැංකු හරහා ලබා දීමට රජය තීරණය කර ඇත.
අලුත් අවුරුද් ප්‍රථම මෙම මුදල ලබාදීමට නියමිතය.
මේ යටතේ සමෘද්ධිලාභී පවුල් 17,00000 ක්, සමෘද්ධි පොරොත්තු ලේඛනයේ 7,80,000 ක්, අභියාචනා පවුල් 7,26,000 ක් , වැඩි හිටි දීමනා ලබන 6,26,000 ක් , ආබාධිත 1,23,000 ක් , වකුගඩු රෝගීන් 44,400 ක් යටතේ ලක්ෂ 40 කට සහ ග්‍රාමීය කමිටු හා ප්‍රාදේශීය ලේකම් වරුන්ගේ නිර්දේශ අනුව ජීවනෝපාය අහිමි පිරිස් සදහා මෙම දීමනාව ලබා දෙනු ඇත.
අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම්ලාභී සමෘද්ධිලාභීන් වෙත රු.5000 දීමනාව අප්‍රේල් 12 සහ 13 යන දිනවලදී සමෘද්ධි බැංකු හරහා ලබා දීමට නියමිතයි.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමකට අනුවයි ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ උපදෙස් අනුව මෙම දීමනාව ලබා දීමට තීරණය කර තිබේ.

Share with your friends :