27 C
Colombo
03/05/2024

ලිට්රෝ ගෑස් ගෘහස්ථ සිලින්ඩරය ප‍්‍රිමියම් හයිබි‍්‍රඞ් වෙයි

Share with your friends :

පිරිසිදු බලශක්තිය භාවිතා කිරීමට ලෝක ප‍්‍රජාව වැඩි වශයෙන් යොමුවේ. ඒ සඳහා තිරසාර විසඳුම් ලෙස නව්‍යකරණය උපයෝගීකරමින් නව නිෂ්පාදන හඳුන්වාදීමට දීමට LPG ක්ෂේත‍්‍රය කටයුතු කරයි.

ජාතික LPG සැපයුම්කරු ලෙස වසර 150කට වැඩි උරුමයක් සතු ලිට්රෝ ගෑස් ලංකා සමාගම පාරිභෝගික අවශ්‍යතා සඳහා නව්‍ය විසඳුම් ලබා දීමට සැමවිටම ක‍්‍රියා කරන බව එම සමාගමේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිලධාරි අනිල් කොස්වත්ත මහතා පවසයි.
” වැඩිවෙමින් පවතින පාරිභෝගික ඉල්ලූමට ප‍්‍රමුඛතාවය දෙමින් LPG සඳහා සුවිශේෂී විසඳුමක් ලෙස ලීටර 18කින් සමන්විත ප‍්‍රිමියම් හයිබි‍්‍රඞ් සිලින්ඩරය ශි‍්‍ර ලංකාවට හඳුන්වා දෙන බව කොස්වත්ත මහතා පවසයි. මෙම සිලින්ඩරය ගෝලීය පිවිතරයන්ට අනුකූල වන අතර විශිෂ්ඨ ආර්ථික ප‍්‍රතිලාභ ලබා දෙමින් ශ‍්‍රි ලංකාවේ LPG ක්ෂේත‍්‍රයේ නවතම වෙනසක් සිදු කිරිමට බලාපොරොත්තූ වනවා ” යැයි ඒ මහතා පවසයි.

රුපියල් 1,395.00ක මිලකට ලබා දෙන ලීටර් 18 ලිට්රෝ පි‍්‍රමියම් හයිබි‍්‍රඞ් සිලින්ඩරය සිව් දෙනෙකුගෙන් යුත් පවුලක මාසික LPG අවශ්‍යතාවයට සරිලන බව ආයතනය පවසයි .

අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම හා ”සෞභාග්‍යයේ දැක්ම” රජයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට අනුව LPG මිල ගණන් වසරකට වැඩි කාලයක් ස්ථාවරව පවත්වා ගෙන යාමෙන් අපගේ පාරිභෝගිකයින්ට විශාල ආර්ථික ප‍්‍රතිලාභ ලබා දීමට අපට හැකි වූ අතර අපගේ මෙම නව නිෂ්පාදනය එම පොරොන්දුවට ඉමහත් වටිනාකමක් එක් කරනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු”.

75% කට වැඩි වෙළඳපොළ කොටසක් හිමි කර ගනිමින් LPG ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා ලෙස ලිට්රෝ ගෑස් සමාගම සිය පාරිභෝගිකයින්ගේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කර තිබේ. අපගේ ප‍්‍රමුඛතාවය වනුයේ ශ‍්‍රි ලංකාවේ LPG කර්මාන්තය ගෝලීය බලශක්ති ක්ෂේත‍්‍රයේ ප‍්‍රමිතීන්ට අනුකූල වන පරිදි යාවත්කාලීන කිරීම මෙන්ම අපගේ සියලූ ක‍්‍රියාකාරකම්වල ආරක්ෂාව සහතික කිරීම හා පාරිභෝගිකයින් බලශක්ති විසඳුම් සඳහා වැයකරන මුදල් සඳහා වැඩි වටිනාකමක් ලබා දීම බව ඒ මහතා තවදුරටත් පැවසුවේය.

ගෝලීයකරණයත් සමඟ ලොව පුරා පිරිසිදු බලශක්තියේ අවශ්‍යතාවය පිළිබඳව වැඩි අවධානය යොමු කරන අතර ලීටර 18 කින් සමන්විත ලිට්රෝ නව ප‍්‍රිමියම් හයිබි‍්‍රඞ් සිලින්ඩරය දැන් ගෝලීය ප‍්‍රමිතීන්ට අනුකුලව වෙළඳපොළට පැමිණෙයි.

මෙම නව සිලින්ඩරයේ ආරක්ෂාව පිළිබඳව අදහස් දක්වමින් ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සෞඛ්‍ය ආරක්ෂාව සහ පරිසර පිළිබඳ අධ්‍යක්ෂක ජයන්ත බස්නායක මහතා පවසා සිටියේ ”මෙම සිලින්ඩරයේ LPG වාෂ්ප කිරීමේ හැකියාව වැඩි දියුනු කර තිබෙන බැවින් ප‍්‍රවාහනය කිරීමට පහසු වන බවයි”. ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූල ඉඩ ප‍්‍රමානයක් එහි තිබෙන බැවින් වාෂ්ප ප‍්‍රවාහය නොකඩවා සිදුවන අතර දහනය වීමට අවශ්‍ය පිඩනය අඩු වැඩිවිමකින් තොරව ස්ථාවරව පවත්වාගෙන යා හැකිබවද ඒ මහතා පවසා සිටියේය.

යුරෝපා සංගමයේ (90/269 EEC) නියමයට අනුව පුද්ගලයෙකුට ඉසිලිය හැකි උපරිම බර කිලෝග‍්‍රම් 25ක් වන අතර ඒ අනුව මෙම සිලින්ඩරයේ හැසිරවීම පහසු බවද ඔහු පෙන්වා දෙයි.

මේ පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් ”ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂක කමල් වික‍්‍රමසිංහ මහතා පවසා සිටියේ මෙම ලීටර 18 ලිට්රෝ පි‍්‍රමියම් හයිබි‍්‍රඞ් සිලින්ඩරයේ පිරවීමේ කාර්යක්ෂමතාවය වේගවත් බැවින් පාරිභෝගික අවශ්‍යතාවයන්ට සරිලන වේගවත් සැපයුම් කි‍්‍රයාවලියක් පවත්වාගෙන යා හැකි බවයි.

බලශක්ති ක්ෂේත‍්‍රයේ ගෝලීය ශක්තින් මැනවින් හඳුනා ගැනීමට සහ අවබෝධ කර ගැනීමට හැකි ශක්තිමත් බහුජාතික උරුමයක් අප සතුව පවතින බව ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ විකුණුම් හා අළෙවි අධ්‍යක්ෂක ජනක පතිරත්න මහතා පවසයි. ”පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා හඳුන්වා දෙන මෙම නව නිෂ්පාදනය ගෝලීය ප‍්‍රවණතා සහ වර්ධනයන්ට අනුකූල ශි‍්‍ර ලංකාවට ගෙන එන බව ඒ මහතා පවසා සිටියි.”

ලිට්රෝ ගෑස් දිවයින පුරා ශක්තිමත් සැපයුම් සේවාවක් අඛණ්ඩව පවත්වා ගෙන යනු ලබයි. බෙදාහැරීමේ නියෝජිතයින් 42ක්, home delivary point 1500 ක් හා දීප ව්‍යාප්ත අළෙවි නියෝජිතයින් 14,000 ක් මෙන්ම home delivaryAPP (නිවාස බෙදා හැරීමේ යෙදුම) හරහා පාරිභෝගිකයින්, කර්මාන්ත සහ ව්‍යාපාරවල විවිධ අවශ්‍යතා සපුරාලීමට බාධාවකින් තොරව LPG සපයනු ලබයි.

Share with your friends :