27 C
Colombo
06/03/2026

අතුරුදහන් වූ ඉන්දුනීසියානු සබ්මැරීනය මීටර් 850 ක් ගැඹුරු මුහුදේ ගිලෙයි

Share with your friends :

පසුගියදා බාලි දුපත් අසලදී අතුරුදහන් වූ ඉන්දුනීසියානු සබ්මැරීනය මීටර් 850 ක් පමණ ගැඹුරු මුහුදේ ගිලී ගොස් ඇතැයි හෙළිවී තිබේ. එය සෙවීම සඳහා පවත්වන ලද මෙහෙයුම් වලදී එහි සුන්බුන් කීපයක් හමුවීමෙන් පසුව සිදු කල පරීක්ෂණ වලින් පසුවය.
ඒ සමග මේ වන විට එහි සිටි 53 දෙනාම මිය ගොස් ඇතැයි විශ්වාස කෙරේ.එය ගිලී ඇති ගැඹුර අනුව එය නැවත ගොඩ ගැනීම අසීරු වී තිබේ.
KRI නංගලා – 402 නමැති සබ්මැරීනය මෙසේ අතුරුදන්ව තිබිණි. මලයාසියාව , ඔස්ට්‍රේලියාව ,ප්‍රංශය, ජර්මනිය , ඇමරිකාව සහ සිංගප්පුරුව යන රටවල් මෙම සබ්මැරීනය සෙවීමේ කටයුතු වල නිරත වුහ.
1981 දී මුලින්ම ඉන්දුනීසියාව විසින් සේවයට යොදවන ලද මෙය ජර්මනියේ නිෂ්පාදිත සබ්මැරීනයකි.

Share with your friends :