27 C
Colombo
08/03/2026

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි – 194,297 කට විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම්

Share with your friends :

අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව කියයි.
විභාග දෙපාර්තමේන්තුවේ http://www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගැති හැකි බව දෙපාර්තමේන්තුව කියයි.
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් 301,771 දෙනකුගෙන් 194,297 දෙනෙක් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.
නව නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටි 178,337 දෙනෙක් සහ පැරණි නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටි 15,960 දෙනෙක් මේ අනුව විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

Share with your friends :