ඉන්දීය සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් සහ ඇයගේ පවුලේ සාමාජිකයන් සියලු දෙනාටම කොවිඩ් ආසාදිත වී ඇත.
ඇයගේ පියා වන හිටපු බැඩ්මින්ටන් ක්‍රීඩක ප්‍රකාශ් පදුකෝන්ට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබූ අතර ඉන්පසු සිදුකළ පරීක්ෂණවලදී දීපිකාගේ මවට සහ නැගණියටද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන ඇත.
රන්වීර් සිං සමග මුම්බායිහි වාසය කරන දීපිකා පදුකෝන් පසුගිය මාසයේදී බැංගලෝර්හි සිය දෙමව්පියන්ගේ නිවසට පැමිණ තිබිණි.
