ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක් ‘කොවිඩ් 19’ ආසාදිත යැයි හදුනාගැනීමත් සමඟ ජාතික කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 10 කට ආසන්න සංඛ්‍යාවක් නිරෝධායනයට ලක්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ජ්‍යෙෂ්ඨ වේග පන්දු යවන්නියක් වන ‘කොවිඩ් 19’ ආසාදිත ඇය මේ වන විට ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක වෛද්‍ය අධීක්‍ෂණය යටතේ පසු වන බවත් සෙසු ක්‍රීඩිකාවන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසක නිරෝධානයට ලක් කර තිබේ.
මෙම තත්වය හමුවේ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් අත්හිටුවා ඇත.
