27 C
Colombo
07/03/2026

සහල් මිල අහස උසට නගී – කීරි සම්බා 220 – සම්බා 160

Share with your friends :

වෙළඳපොලේ සහල් මිල ශීග්‍රයෙන් ඉහල ගොස් තිබේ. මේ වන විට කීරි සම්බා කිලෝවක මිල රුපියල් 220 දක්වාද, සාමාන්‍ය සම්බා කිලෝව රුපියල් 160 දක්වාද , නාඩු සහල් කිලෝව රුපියල් 110 දක්වාද , කැකුළු සහල් කිලෝව රුපියල් 120 දක්වාද ඉහල ගොස් තිබේ. මේ හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවන්ට පත්ව සිටිති. විශාල ජනතාවක් කොරෝනා හේතුවෙන් තම එදිනෙදා ආදායම් මාර්ග අහිමිව සිටියදී මේ ආකාරයට සහල් මිල ඉහළයාම බොහෝ දෙනෙකුට දරා ගත නොහැකිවී තිබේ.
මේ අතර සහල් ව්‍යාපාරිකයන් පවසන්නේ රට පුරා වී හිඟයක්ද ඇති බවය. මේ හේතුවෙන් සහල් මිල පාලනය කරන්නට නම් සහල් ආනයනය අත්‍යවශ්‍ය කාරණයක්ව තිබේ.

Share with your friends :