27 C
Colombo
09/05/2026

රට පුරා ගැබිනි මව්වරුන්ට මාසයක් තුල කොවිඩ් එන්නත්

Share with your friends :

දිවයින පුරා සිටින අවදානම් සහිත ගර්භණි මව්වරුන් සඳහා කොවිඩ් එන්නත ලබාදීම ලබන බදාදා සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

සිය සංගමයේ ඉල්ලීම මත මෙම එන්නත්කරණ වැඩපිළිවෙලට අනුමැතිය හිමිවූ බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පෙන්වාදෙයි.

ඒ අනුව එම එන්නත්කරණ වැඩපිළිවෙල ලබන බදාදා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

එහි සමාරම්භක වැඩසටහන කාසල් වීදිය කාන්තා රෝහලේදී සිදු කිරීමට නියමිතය.

කොවිඩ් වැලඳීම හේතුවෙන් ගැබිනි මව්වරුන් 8 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්වී ඇති අතර නිර්ණායක කිහිපයක් යටතේ එන්නත් ලබාදීම සිදු කිරීමට සැලසුම් කර තිබේ.

ගැබිනි මව්වරුන්ට එන්නත්කරණ වැඩසටහන මාසයක් තුළ අවසන් කිරීමට සැලසුම් කර ඇති බවද ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා සඳහන් කළේය.

Share with your friends :