27 C
Colombo
07/03/2026

14 දා රට විවෘත කරන්නේ විශේෂඥ කණ්ඩායම් කිව්වොත් පමණයි

Share with your friends :

විශේෂඥ කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමෙන් රටේ බරපතළ තත්වයක් ඇති නොවන බවට ඔවුන් තහවුරු කළහොත් පමණක් ලබන 14 වැනිදා විවෘත රට කරන්නේ යැයි කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

රට විවෘත කිරීමට පෙර කොවිඩ් ව්‍යාප්තිය ගැන පුළුල් විශ්ලේෂණයක් කළ යුතු වන බවද යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

දැනට පවතින නිර්දේශයන්ට අනුව සංචරණ සීමා ලිහිල් කිරීමට නියමිතව ඇත්තේ ලබන 14 වැනිදාය.

මේ අතර පවතින කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන සංචරණ සීමා ලබන 21 වැනිදා දක්වාවත් දීර්ඝ කළ යුතු බව වෛද්‍ය විශේෂඥයන් රැසක් රජයට දැනටමත් කරුණු පෙන්වා දී ඇත.

Share with your friends :