27 C
Colombo
07/03/2026

රට පුරා සමූපකාර ජංගම වෙළෙඳ රථ 1500 ක්

Share with your friends :

සංචරණ සීමා පැනවීමෙන් ජනතාවට සිදුවන අපහසුතා අවම කිරීම සඳහා දිවයින පුරා සමූපකාර ජංගම වෙළෙඳ රථ 1,500 ක් පමණ ක්‍රියාත්මක වන්නේ යැයි පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

‘කොවිඩ් 19’ වයිරසයෙන් සහ ගං වතුරෙන් ආපදාවට පත්වූ ජනතාවට සමූපකාර හරහා සහන භාණ්ඩ මලු ලක්‍ෂ 7 ක් පමණ ප්‍රදානය කර ඇති බවත් ජනතාවට තව දුරටත් සහන සැළසීමට රජය කටයුතු කරමින් සිටින බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Share with your friends :