27 C
Colombo
07/03/2026

ගම්මන්පිලගේ විශ්වාසභංගය න්‍යාය පුස්තකයට

Share with your friends :

බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය කතානායකවරයාට බාර දුන් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත .

මේ අතර මෙම විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය ලබන මස 5 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කිරීමට නියමිතව ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය .

විවාදයට ගන්නා දිනය එහිදී තීරණය කිරීමෙන් පසුව යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කෙරෙනු ඇත .

ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව මෙසේ ඇතුළත් කරනු ලැබ ඇත්තේ පසුගිය 23 වැනිදා දාතමින් නිකුත් කෙරුණු පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයටය.

විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කෙරුණු දින සිට දින පහක් ගත වූ පසු ඕනෑම දිනක එම යෝජනාව විවාදයට ගැනීමට ස්ථාවර නියෝගවලට අනුව හැකියාව ලැබෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

Share with your friends :