27 C
Colombo
07/03/2026

රට වහගෙන ආර්ථිකය ඉදිරියට ගෙනියන්න බෑ – ජනපති

Share with your friends :

ඉක්මනින්ම රට විවෘත නොකළහොත් ආර්ථිකය ඉදිරියට ගෙන යෑමට නොහැකි වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එන්නත්කරණය වේගවත් කළහොත් සැප්තැම්බර් මාසය වනවිට රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට හැකි වනු ඇතැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති ජාත්‍යන්තර සමුපකාර දින සැමරුම් උත්සවය අමතමිනි.

ජනාධිපතිවරයා එහිදී මෙසේද පැවසීය.

“එන්නත් මාත්‍රා ලක්ෂ 90ක් මේ මාසෙදි අපට ලැබෙනවා .මේ තත්ත්වය නිසා අපිට සැප්තැම්බර් වෙනකොට මේ රට සම්පූර්ණයෙන්ම විවෘත කරන්න පුළුවන් වේවි.මොකද අපි ඉක්මනින්ම රට විවෘත නොකළොත් මේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්න පුළුවන්කමක් වෙන්නේ නෑ.”

Share with your friends :