27 C
Colombo
07/03/2026

අතිරේක සොලිසිටර් ජෙනරාල්වරුන් හත්දෙනෙක් ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කෙරේ

Share with your friends :

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරුන් හත්දෙනකු ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම පත්වීම් සිදුකර ඇත.

ඒ අනුව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරුන් වන මිලින්ද ගුණතිලක, හරිප්‍රියා ජයසුන්දර, විකුම් ආබෲ, ශානක විජේසිංහ, රවින්ද්‍ර පතිරණගේ, නෙරීන් පුල්ලේ සහ චේතිය ගුණසේකර යන මහත්ම මහත්මීහු ජනාධිපති නීතිඥවරු ලෙස පත්කර සිටිති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ඉ) ජේදය ප්‍රකාරව නීතිඥ වෘත්තියේ විශිෂ්ටත්වයට පත්ව ඇති හා වෘත්තීය කටයුතු පිළිබඳ අවංකභාවයෙන් හා උත්කෘෂ්ට පැවැත්මෙන් යුතු නීතිඥවරුන්, ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කිරීමට ජනාධිපතිවරයාට බලතල පැවරී තිබේ.

Share with your friends :