27 C
Colombo
19/05/2024

ආණමඩුවේ කප්පම් ගන්න දේශපාලකයන් බිහි වෙලා – ඉහල දැනුවත් කලා-වැඩක් නැහැ

Share with your friends :

ආණමඩුවේ ආසනයේ මේ වන විට කප්පම් ගන්න දේශපාලකයන් බිහි වී සිටිනවා. අපි කප්පම් ගන්නේ නෑ. මගේ අතේ ලේ නැහැ. මම කප්පම් අරන් නැහැ.මම මිනිමරලා නැහැ ඒ නිසා මම බයත් නැහැ .මොකද ජනතාව හැමදාම මාව විරයා කළා .එය පසුගිය සෑම මැතිවර්ණයකදිම ජනතාව ඔවුන්ගේ මනාපයෙන් හොදින් තහවුරු කළා යැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳ පොල විවිධාංගීකරණ රාජ්‍ය ඇමති ප්‍රියංකර ජයරත්න මහතා පවසයි.

මම හැමදාම ජනතාවත් එක්ක හිටියා ඒ නිසා මම ජනතාවට කියනවා යම් තැනක වැරදිමක් වුවා නම් එය නිවැරදි කිරිමට කාලය එළඹේමින් තිබෙන බව එය ඔබේ අයිතිය.

අපිත් හරිම කළකිරිමේන් දැන් වැඩ කරන්නේ අපේ කළකිරිම් ඔබට කියලා වැඩක් නැහැ. මොකද ඔබ අප පත් කළේ ඔබට වැඩ කරන්න .

නමුත් අපිට එය කරන්න බැරි වෙලා තියෙනවා .මේ ආණමඩුව ආසනය තුළ අද වන විට කප්පම් ගන්න දේශපාඥයින් බිහිවි තිබේනවා .

මේ ගැන ඉහල දැනුවත් කලා. වැඩක් නැහැ ඒ නිසා මේ කප්පම් දේශපාලනය මම අනුමත කරන්නේ නැහැ .

Share with your friends :