27 C
Colombo
06/05/2026

කොවිඩ් අවදානම නිසා ගුරු විදුහල්පති විරෝධතා පා ගමන අත්හිටුවයි – ඉදිරි සතියේත් උද්ඝෝෂණ නැහැ

Share with your friends :

වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුලකරගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කළ විරෝධතා පා ගමන අත්හිටුවා තිබේ.

කොවිඩ් 19 දැඩි ව්‍යාප්ති අවදානම හේතුවෙන් මෙම තීරණය ගත් බව පූජ්‍ය උලපනේ සුමංගල ස්වාමීන් වහන්සේ සඳහන් කරති.

එම පාගමන මහනුවර සිට කොළඹට පැමිණෙමින් තිබුණි.

මෙම විරෝධතා නතර කරන ලෙස ගුරු විදුහල්පතිවරුන්ගෙන් විශේෂ වෛද්‍යවරුන්ගේ සංගමයද ඊයේ ඉල්ලීමක් කරන ලදී.

ඒ අනුව පවතින තත්ත්වය ගැන සංවේදී වෙමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවන බවයි උන්වහන්සේ පවසති.

ආණ්ඩුවේ තියෙන අදූරදර්ශී ක්‍රියා පිළිවෙල හේතුවෙන් දැඩි ලෙස ව්‍යාප්ත වුණ කොවිඩ් රැල්ල ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන් වෙත පවරා ගැලවීමට උත්සහ දරමින් සිටින බවද උන්වහන්සේ කියාසිටියහ.

පවතින තත්ත්වය අනුව එළඹෙන සතිය තුළද උද්ඝෝෂණ සංවිධානය නොකිරීමටයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය තීරණය කර ඇත.

Share with your friends :