27 C
Colombo
07/03/2026

ආහාර ද්‍රව්‍ය කිහිපයක් මත විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක්

Share with your friends :

විශේෂ වෙළෙඳ භාණ්ඩ මත බදු පනවමින් සහ මීට පෙර නිකුත්කර තිබූ ගැසට් නිවේදන අවලංගු කරමින් නව අති විශෙෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.

හාල්මැස්සන්, කරවල, චීස් , කිරිවලින් නිපදවූ තැවරුම්, උළුහාල් ඇට, කුරක්කන් පිටි, අබ ඇට, මේස ලුණු ආදිය මෙම විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දට යටත් කර ඇත.

මුදල් අමාත්‍යවරයා විසින් මෙම අති විශෙෂ ගැසට් නිවේදනය නිකුත්කර තිබේ.

අගෝස්තු මස 12 වනදා සිට වසරක කාලයක් සඳහා මෙම බදු නියෝග ක්‍රියාත්මක බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්ය.

Share with your friends :