27 C
Colombo
08/03/2026

කොරෝනාවෙන් සන්ඩේ අයිලන්ඩ් මාධ්‍යවේදියෙක් මියයයි

Share with your friends :

සන්ඩේ අයිලන්ඩ් පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරයා ලෙස කටයුතු කළ සුරේෂ් පෙරේරා මහතා කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.

ඔහු අභාවප්‍රාප්ත වූයේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

මාධ්‍යවේදියකු ලෙස වසර 40ක පමණ කාලයක් කටයුතු කළ සුරේෂ් පෙරේරා මහතා ඉන් වසර 30ක පමණ කාලයක් සේවය කළේ සන්ඩේ අයිලන්ඩ් පුවත්පතේය.

පාර්ලිමේන්තු හා කැබිනට් වාර්තාකරණයේ පළපුරුදු මාධ්‍යවේදියකු වූ ඒ මහතා එක් දියණියකගේ පියෙකි.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ගල්කිස්ස ආදාහනාගාරයේදී අද (18) සිදුකෙරිණි.

Share with your friends :