27 C
Colombo
08/03/2026

අත්‍යවශ්‍ය භාණ්ඩ 20ක් ඇතුළත් සහන මල්ලක් සතොසෙන්

Share with your friends :

සාමාන්‍ය වෙළෙඳපොලේ රුපියල් 2600 කට වඩා වැඩි වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20ක් ඇතුළත් සහන මල්ලක් ‘1998 සහන මල්ල’ ලෙස රුපියල් 1,998 කට ක්ෂණික ඇමතුම් අංක 1998 ඇමතීමෙන් නිවසටම ගෙන්වා ගත හැකි බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මෙම සහන මල්ල දිවයින පුරා සතොස අළෙවි ශාඛාවලින් ලබා ගැනීමේ හැකියාව ඇති බවත් සතොස සමඟ පෞද්ගලික අංශය ද ඒකාබද්ධ වීමෙන් මෙම ක්ෂණික ඇමතුම් සේවාව ක්‍රියාත්මක කිරීම හා බෙදාහැරීම කරන බවත් වෙළෙඳ අමාත්‍යවරයා පැවසීය.

පළමු සති දෙක තුළ සහන මල්ල වෙනුවෙන් ප්‍රවාහන ගාස්තු අය නොකරන බව කී අමාත්‍යවරයා ජනතාව මත පීඩනයක් ඇති වීම වළක්වාලමින් ලාභ ලැබීමේ අරමුණකින් තොරව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.

‘1998 සහන මල්ල’ ව්‍යාපෘතිය හදුන්වාදීම වෙනුවෙන් වෙළෙඳ අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවේදී වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එසේ පැවසීය.

Share with your friends :