27 C
Colombo
08/03/2026

තවත් කොරෝනා මරණ 186 ක්

Share with your friends :

කොවිඩ් ආසාදිතවූ තවත් 186 දෙනකු ඊයේ (18) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (19) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 6,790 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අය අතර පිරිමි අය 111 දෙනෙක් සහ කාන්තාවෝ 75 දෙනෙක් වෙති.

මියගිය අයගෙන් 147 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 35 දෙනෙක් සහ වයස අවුරුදු 30 ට අඩු සිවු දෙනෙක් ද වෙති

Share with your friends :